මැයි 7 නිවාඩුව පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතන වලටත්


රංජන් කස්තුරි 
 
පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට මැයි මස 7 වැනි දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර  තිබෙන බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා ලංකාදීපයට පැවැසීය.

 
මෙවර ලෝක කම්කරු දින සැමරුම මැයි මස 7 වැනිදිනට වෙනස් කර ඇති හෙයින් එදින පෞද්ගලික අංශයටත් ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු අර්ධ රාජ්‍ය ආයතනවලටත් ව්‍යවස්ථාපිත නිවාඩුවක් හිමිවන බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කීවේය.