
(යොහාන් භාසුර)
හුදකලා කළ ප‍්‍රදේශවල තැපැල් කාර්යාලය වසා තැබීම හේතුවෙන් මැයි මස විශ‍්‍රාම වැටුප් ලබාගැනීමට නොහැකි වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අදාල තැපැල් කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධ කරගැනීමෙන් එම වැටුප ලබාගත හැකි යැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
හුදකලා කිරීම නිසා ඉතාමත් සුළු පිරිසකට විශ‍්‍රාම වැටුප ලබාගැනීමට නොහැකි වී තිබිය හැකි බවත් එම මුදල් විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නැවත හරවා නොයවන බවත් ආරියරත්න මහතා කියයි.
මැයි මස විශ‍්‍රාම වැටුප ලබාගැනීමට නොහැකි වූ අය බිය විය යුතු නැති බවත් තමන් මීට පෙර විශ‍්‍රාම වැටුප් ලබාගත් තැපැල් කාර්යාලයේ හෝ උපතැපැල් කාර්යාලේ ස්ථානාධිපතිවරයා සම්බන්ධකරගෙන වැටුප ලබාගත යුතු බවත් ආරියරත්න මහතා කියයි.
තැපැල් කාර්යාලවල ඉතිරි වන විශ‍්‍රාම වැටුප් මුදල් නියමිත කාලයකින් පසුව විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමු කරයි.

