මැනේජර් වැරදි බෙහෙත් දෙන්න ගිහින් අමාරුවේ


ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජපන් මිත්‍රත්ව පාරේ කැලෑ රොදක් අසලදී තරුණියකට අතවර කරන්න ගිය බව කියන යතුරු පැදිකරුවකු සැකපිට අත් අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

අද (22) රාත්‍රී 8.30 ට පමණ අදාළ සිදුවීම සිදුවී ඇති බවත් එම තරුණිය කෑ ගසාගෙන පාර පනිනු දුටු රියදුරන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දීමෙන් පසු පොලිසිය එනතුරු සැකකරු රඳවාගෙන ඇතැයිද කියති.

අදාළ තරුණියගේ මැනේජර්වරයකු වන සැකකරු ඇයට බෙහෙත් අරන්දීමේ මුවාවෙන් ඇය එහි රැගෙන ආ බව වාර්තාවේ.