(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
මැනිං වෙළඳපොළ ලබන වසරේදී පෑලියගොඩ නගරයට ගෙන යන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද(19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදයේදීය.
පාඨලී චම්පික රණවක මහතා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.
“මැනිං වෙළඳපොළ සහ කොළඹ තොග වෙළඳාමත් පෑලියගොඩට ගෙනියනවා. අධිවේගී මාර්ගයට සම්බන්ධ කරන එම ප්‍රදේශය සංවර්ධන කලාපයක් බවට පත්කරනවා” යැයිද ඒ මහතා පැවසීය.

