මැදිරිගිරියේ නිවසකින් යුද හමුදා නිල ඇඳුම් හා පුපුරණ ද්‍රව්‍ය සොයාගනී


( චාපා මධුභාෂිණි සහ කග කරුණාරත්න)

මැදිරිගිරිය යාය 3 ප‍්‍රදේශයේ පිහිටි නිවසක තිබී පුද්ගල නාශක බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් අද (4) උදේ සොයා ගත් බව මැදිරිගිරිය පොලීසිය කියයි.

ටී 56 වර්ගයේ ස්වංක‍්‍රීය ගිනි අවි සඳහා යොදන උණ්ඩ සහිත මැගසින් 5 ක්  පුද්ගල නාශක බෝම්බ 3 ක්, කැලෑ ඇඳුම්, සපත්තු, පූචස් යනාදිය මේ අතර වේ.

මේ නිවස යුද හමුදා සාමාජිකයකුට අයත් එකක් බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී හෙළි වී තිබේ. 

(ඡායාරූප - චාපා මධුභාෂිණි)