මැදමුලනට එකතුවූ අති විශාල ආධාරකරුවෝ පිරිසක් ඔල්වරසන් දෙමින් ප්‍රීති ඝෝෂා පවත්වමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන්නැයි ඉල්ලමින් මේ මොහොතේ එහි රැඳී සිටිති.
හිටපු ජනපති හා කථානායකද එහි රැඳි සිටිති.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව පතා වේදිකාවට නොනගින්නයි දිනේෂ් ගුණවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
මාධ්‍යයට හා කැමරා ශිල්පීන්ට වේදිකාවේ සිදුවන කිසිවක් නොපෙනෙන බැවින් ඔවුනට ඉඩදී අසුන් ගන්නා ලෙස හිටපු ජනපති හා විමල් වීරවංශ මහතා කිහිපවරක් ඇයැද සිටී.
කැමරා ශිල්පීන්ට පින්තූර ගැනීමට අවස්ථාව නොලැබීමෙන් මෙම අවස්ථාව රටටත් ජනතාවටත් දැනගැනීමට අවකාශ නොලැබී යන බව ඔවුහු කියා සිටියහ.
තම වැඩපිළිවෙළට සහාය දෙමින් තම ගමට ආ සියලු දෙනාම සාදරයෙන් හා සෙනෙහසින් පිළිගන්නා බව කියමින් හිටපු ජනපතිවරයා සිය කථාව ආරම්භ කළේය. ඇසල පොහොයේ වැදගත්කමද ඔහු කියා දුන්නේය. බුදුන් වහන්සේ නෑයන් බැලීමට කිඹුල්වත්පුරයට එදා පැමිණි දිනය බවද ඔහු කීවේය.
පසුගිය ජනවාරි 9 වැනිදා බහුතර ජනතාවගේ හිස නැමූ බවද ඔහු සිහිපත් කළේය. 1970 සිට ජනපති ධූරය දක්වා පැමිණි ගමන්මග විස්තර කළ ඔහු ඒ හැම අවස්ථාවකදීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කළ බවත් තමා ආඥාදායකයෙක් බවට මොන බොරු චෝදනා කළත් මා ක්‍රියාකළ ආකාරය ගැන එතෙර මෙතෙර බොහෝ දෙනා පුදුම වුණා.
‘ජනපතිවරණ ප්‍රතිඵල නිකුත්වල නිකුත් වීමෙන් පසු අපේ ආධාරකරුවන්ට හිරිහැර කළා. ගෙවල් ගිනි තිබ්බා. පක්ෂය රැක ගැනීමේ වැඩපිළිවෙළ සකස් කළා. කථානායක නිවසේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී පක්ෂයේ නායකත්වය බාරදුන්නා.නමුත් මට පක්ෂයේ නායකත්වය හිමිවූයේ බාරදුන්නේ නෑ සම්මේලනයක් කැඳවලා ගන්න වුණා. කිසිදාක රටටත් පක්ෂයටත් ද්‍රෝහි වුණේ නෑ.‘
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හැසිරෙන ආකාරය දකින විට තමාට සිහිපත්වනුයේ ඔහු ත්‍රස්තවාදී නායකයන් සමග මුල්ම ගිවිසුම ගැසූ කාලයේ ක්‍රියා කළ ආකාරයට යැයි හිටපු ජනපති කීවේය.
ඔහුගේ කථාවේ වැඩි කොටසක් වෙන් කළේ එජාපයට පහර ගැසීමටයි. එජාපය රට කෑලිවලට කැඩූ බවත් රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට බෙදා දුන් බවත් පැවසීය.

