(ඩයනා උදයංගනී)
මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ද ඉදිරි දිනවලදී මෙරටට ගෙන්වා රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඒ අනුව කුවේට්, ඩුබායි, මාලදිවයින ආදී රටවල මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින පිරිස් ගෙන්වා ගන්නා බවත් ඇමතිවරයා කීවේය.
එම පිරිස් ද ගෙන්වා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන බව රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

