මැද රටට වැස්සෙන් බර හානි


මධ්‍යම කඳුකරයට බදාදා සිට පවතින මහ වැසි සමඟ පවුල් 102ක 500කට වැඩි පිරිසක් අවතැන් වී සිටිතියි නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා කියයි.

හැටන් කලාපයේ සියලුම පාසල් අද වසා දමා ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

ගිනිගත්හේන හැට්න්, වටවල, දික්ඔය ගංවතුර හා නායයාම් වාර්තා වේ.

ගිනිගත්හේන දියගල ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටී ඇත.

උඩරට දුම්රිය මාර්ගය වටවල හා ගලගොඩ අතර කඩා වැටුණු යුද හමුදාවේ සහායෙන් ඉවත් කැර ඇත.

කුඩාගම ප්‍රධාන මාර්ගයේ කොටසක් නාය ගොස් තිබේ.

කාසල්රී හා මාඋස්සාකැළේ ජලාශයන්හි වාන් දොරටු විවෘත කැර ඇත.

රක්වානේ ද කඳු නායගොස් තිබේ.