මැද පෙරදිග ගොස් හිංසනයට ලක්වූ 120ක් ආපසු එති


(ප්‍රසාද් මුතුකුඩ)

මැද පෙරදිග ගෘහ සේවයට ගොස් විවිධ වධහිංසනවලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 120දෙනෙකු අද (24) දින අවස්ථා දෙකකදි ගුවන් මගින් මෙරටට පැමිණි බව විදේශ සේවා  නියුක්ති කාර්යංශය පවසයි

මෙරට විදෙස් කාර්යංශය හරහා  ගිවිස ගෙන තිබු නියමිත වැටුප වසර ගණනාවක් නොලැබීම ,සීමාව ඉක්මවා ගෘහ සේවයේ යෙදවීම ,අන් පාර්ශවයන්ට මුදලට විකිනීම යන කරුනු මත නිවෙස් වලින් පැනගොස් සිටියදි පහර කෑම් වලට ලක්වූ  කාන්තාවෝද ඒ අතර  වූහ .

මෙම කාන්තාවන් කුවේට්හි ගෘහ සේවයට ගොස් ඇත්තේ විදේශසේවා නියුක්ති කාර්යංශයේ අනුමැතිය සහිතවය.  

මෙම පිරිස් කුවේට් සුරක්ෂා නිවෙසේ භාරයේ සිටියදි විදේශ සේවා ඇමතිනි තාලතා අතුකෝරළ මහත්මියගේ සෘජු මැදිහත්වීම මත  කුවේට් ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ ආරක්ෂාව මත යළි දිවයිනට පැමිණ ඇතැයි කියැවේ.

මෙලෙස පැමිණි කාන්තාවන් ගුවන් තොටුපලේ විදේශසේවා නියුක්ති කාර්යංශයේ  කවුළුවට තම තොරතුරු ඉදිරිපත් කිරිමෙන් පසු කටුනායක සහන පියසට රැගෙන ගොස් නිවෙස් වලට යෑමේ පහසුකම් සැලසීමට කටයුතු යොදා තිබිණි.