මැතිසබේදී සහ පිටතදී වූ සිද්ධීන් ගැන හොයන්න කමිටුවක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

මැතිසබයේදී  සහ ඉන් පිටතදී  පසුගිය දින කිහිපයේදී  ඇතිවූ නොහික්මුණු සිද්ධීන්  සම්බන්ධයෙන් කරුණු සොයා බලා  වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්  මෙම කමිටුව පත් කරන බවද හෙතෙම සඳහන් කළේ‍ය.