අග විනිසුරු නෙරපා හැරීමේ යෝජනාවට සහාය දැක්වීම සඳහා බස් සියයකින් පමණ ආ පිරිස් පාර්ලිමේන්තු වට රවුම අසළ රැස්වී සිටිති.
ඔවුහු පෝස්ටර් හා බැනර් රැුගෙන සටන් පාඨ කියති. දැඩි වාහන තදබදයක් ද පවතී. එජාප මන්ත‍්‍රී ජෝන් අමරතුංග මහතා කතානායකට පැවසුවේ, මේ සෙනඟ නිසා විවාදයෙන් පසුව මන්ත‍්‍රීන්ට පිටවී යෑමේදී ප‍්‍රශ්න ඇති විය හැකි බවයි. දෙපාර්ශ්වයේම කිසිම මන්ත‍්‍රීවරයකුට හිරිහැරයක්වීමට ඉඩ නොතබන බව කතානායක චමල් රාජපක්‍ෂ මහතා කීවේය. දෙවැනි දින විවාදය පස්වරු දෙකට ඇරැඹිණිග ඡන්ද වමසීම පස්වරු 6ග30ට පැවැත්වීමට නියමිතය.

