(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
මැතිසබයේ ප්‍රචන්ඩකාරී සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කතානායකවරයාට අනිද්දා බාරදෙන බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ලංකාදීපයට පැවැසීය.
කමිටුවේ විමර්ශන කටයුතු මේ වනවිට අවසන්වී ඇතැයි නියෝජ්‍ය කතානායකවරයා පැවැසුවේය.
මේ වාර්තාව කතානායකවරයා විසින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීතිපතිවරයාට බාරදෙනු ඇතැයි පැවැසූ කුමාරසිරි මහතා වාර්තාව නීතිපතිවරයාට බාරදීමට පෙර පාර්ලිමේන්තුවේ ඊට අදාළ යෝජනාවක් සම්මත කර ගන්නා බවද ප්‍රකාශ කළේය.
මේ සිද්ධිය පිළිබඳ පොලිස් විර්ශන තවදුරටත් සිදුවෙමින් පවතී.
පාර්ලිමේන්තුවේ මේ ප්‍රචන්ඩකාරී සිද්ධීන් ඇතිවුණේ ඉකුත් නොවැම්බර් මස 14,15,සහ 16 දිනවලදීයි. මේ සිද්ධීන් වලදී මන්ත්‍රීවරුන් කිහිප දෙනකු තුවාල ලැබූ අතර පාර්ලිමේන්තු දේපළවලටද හානි සිදුවිය.