මැතිසබේ ඇමැති උප ඇමැති ආසන හිස්
නියෝජ්‍ය ඇමැතිවරුන් හා ඇමැතිවරුන් නැතිව අය වැය කාරක සභා විවාදය පවත්වනවාට වඩා පාර්ලිමේන්තුව කල්තැබීම සුදුසු යැයි කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එස්කසත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අයවැය විවාද කතාව අරඹන විට රජයේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් හැර නියෝජ්‍ය ඇමැතිවරුන් හා ඇමැතිවරුන් ආසනවල නොසිටි බව දුටු කතානායකවරයා ප්‍රශ්න කළේ විපක්ෂ මන්ත්‍රීන් මතුකරන ප්‍රශ්න අසා සිටීමට ඔවුන් නොසිටීම බලවත් ප්‍රශ්නයක් බවයි.

