(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් උද්ඝෝෂණයට සහභාගිවීම නිසා මැතිසබය අද (5) පාලු ස්වභාවයක් ඉසිලීය.
මැතිසබයට අද පැමිණ සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පමණි.ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින හෙයින් ඔහුට ඒ උද්ඝෝෂණයට සහභාගීවීමට ඉඩ නොලැබිණි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හැර ඒකාබද්ධ විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරු සභාවේ නොසිටියද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනාද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සභා ගැබේ රැඳි සිටිනු දක්නට ලැබිණ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සභාවට අද කල්තියාම පැමිණියේය.කෙසේ වෙතත් මුළු සභාව පුරාම දක්කට ලැබුණු මන්ත්‍රීවරුන් විස්සකට අඩු සංඛ්‍යාවකි.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නොසිටියද පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍යය පරිදි කරගෙන යනු ලැබීණ.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 70 කි.

