(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයා නිකුත්ක ළ ගැසට් නිවේදනයේ දෙවැනි සැසිවාරය පටන් ගන්නා වේලාව සඳහන් නොවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇති හෙයින් අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඒ ගැටලුව නිරාකරණය කර දෙන්නැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ජනාධිපති ලේකම්ඔස්ටින් ප්‍රනාන්දු මහතාට ඊයේ (18) දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අනුව පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය පටන් ගන්නා වේලාව සඳහන් කර අලුත් ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා මෙරටට පැමිණි වහාම නිකුත් කරනු ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි. මේ අතර ගැසට් නිවේදනයේ අවුල නිසා පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාර උත්සවය සංවිධානය කිරීමේ කටයුතුවලටද බාධා මතුව ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු කියති.
සැසිවාර උත්සවයේ ආරාධිත අමුත්තන්ට ආරාධනා පත්‍ර සූදානම් කිරීම ද මේ නිසා තාවකාලිකව නතරවී තිබෙන බව ආරංචි මාර්ග පවසති.