මැතිවරණයට වැඩ අල්ලයි


එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධාන ආධාරකරුවකු බව කියන තුෂාර දේවාලේගම මහතා රත්නපුර දෑල, නොරගල්වත්තේදී සඳුදා රාත්‍රියේ කිසියම් පිරිසකගේ පහරකෑමට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය කියයි.

37 හැවිරිදි දෙදරු පියකුවන දේවාලේගම මහතා තලතා අතුකෝරළ මහත්මියගේ මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා යතුරුපැදියකින් යමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇතැයි කියති.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සිදුවූ පළමු මනුෂ්‍ය ඝාතනය මෙය බවත් මීට පෙර අනුරාධපුරයේ හා කුරුණෑගල කටවුට්වලට හානි කිරීම වැනි සිද්ධීන් වාර්තාවූ බවත් මැතිවරණ කටයුතු නිරීක්ෂණයේ යෙදෙන ‘කැෆේ‘ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

DSC02561 DSC02564 thushara

ඡායාරූප - ලසන්ත නිරෝෂණ පෙරේරා