මැතිවරණ සමයේදී 660ක් අත්අඩංගුවට


(බිඟුන් මේනක ගමගේ) 

මැතිවරණය කැඳවූ දිනයේ සිට මේ දක්වා අපේක්ෂකයන් 60 ක් හා ආධාරකරුවන් 600 කට අධික සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසයි.

එසේ වුවද උතුරේ සිට දකුණ දක්වා නොවෙනස් ලෙස නීතියේ ආධිපත්‍ය ඉහළින්ම පැවැති මැතිවරණය බවට මෙවර පළාත් පාලන මැතිවරණය පත්වන්නේ යැයි එහි කැඳවුම්කරු රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.

ඇතැම් සිදුවීම් මුල්කරගෙන නැගෙනහිර පළාතට විශේෂ ආරක්ෂාවක් යෙදීමට මැතිවරණ කොමිසම මේ වනවිට කටයුතු කර ඇතැයි කී හෙතෙම අද(10) දිනය පුරා තමන්ට පැමිණිලි 590 ක් ලැබී ඇතැයි ද කීවේය.

ඒවායෙන් බහුතරය මැතිවරණ දිනයේ ප්‍රචාරක කටයුතුවල නිරතවීමට උත්සාහ කිරීම් යැයි ද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.