මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳ විවාදයක් අඟහරුවාදා (23) සහ බදාදා (24) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කියයි.
සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස ගෙන එන මෙම විවාදය නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාගේ නියෝගයකට අනුව කැඳවෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
මෙම විවාදය කැඳවීම සම්බන්ධයෙන් විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන් සෙනෙවිරත්න යන මහත්වරුන් අකැමත්ත පළකර සිටි බවත් එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය, විපක්ෂ මන්ත්‍රීවරුන් වන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සම සමාජ පක්ෂ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහත්වරුන් විවාදයට අවශය බවට කියා සිටි බවත් ඔහු සඳහන් කරයි.

