මැතිවරණ ලොක්කා පක්ෂ ලේකම්වරු කැඳවයි


දයාසීලි ලියනගේ

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හෙට (27) සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරු කොමිසමේ කාර්යාලයට කැඳවා ඇත.

මීට අමතරව සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හා තේරීම් භාර නිලධාරීන් අනිද්දා (28) මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධ නීතිරීති සහ මැතිවරණයේදී ඇතිවිය හැකි ගැටළු පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.