රංජන් කස්තුරි
පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව මේ වනවිට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බණ්ධ පැමිණිලි 54 ක් පොලීසියට ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
එම පැමිණිලි අතර පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධීන් 7 ක්, බැන තර්ජනය කිරීම් හා බිය ගැන්වීම් 23 ක් , නාමයෝජනා ලැයිස්තු පැහැරගැනීමක් ද තිබෙන බව ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

