මැතිවරණ පැමිණිලි 42ක්


(ඉන්දිකා රාමනායක)

පළාත් පාලන මැතිවරණ ප‍්‍රකාශයට පත් කළ පසුගිය 9 වැනිදා සිට අද(28) පෙරවරු 6 දක්වා  මැතිවරණයට අදාල පැමිණිලි 42 ක් ලැබී ඇති බව  පොලිස් මුලස්ථානය කියයි.

මෙම පැමිණිලි අතරින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 13 ක් ද  සෙසු පැමිණිලි 29 ඡන්ද පෝස්ටර්  සන්තකයේ තබා ගැනීම, නීති විරෝධී ලෙස පෝස්ටර් ඇලවීම, නිවෙස්වලට ගල් ප‍්‍රහාර එල්ල කර  අලාභ හානි සිදුකිරීම, පහර දී තුවාල සිදුකිරීම, බැන තර්ජනය කිරීම, පෝස්ටර් කටවුට් වලට හානි කිරීම, ද්‍රව්‍යමය ආධාර  හා උපරණ බෙදා දීම  ආදී සිද්ධීන් වලට අදාල පැමිණිලි බවද පොලිස් මුලස්ථානය  සඳහන් කරයි.

මෙම පැමිණිලි වලට අදාලව සැකකරුවන් 34 දෙනකු  අත්අඩංගුවට ගෙන ඔවුන්  අදාල ප‍්‍රදේශවල අධිකරණ වෙත ඉදිරිපත් කර නීතිමය  කි‍්‍රයා මාර්ග ගෙන ඇති බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි.