(ඉන්දිකා රාමනායක)
පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත්කර අද (14) දක්වා මැතිවරණ පැමිණිලි 4 ක් ලැබී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම පැමිණිලි වලට අදාළව සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියයි.
මෙම පැමිණිලි ලැබී ඇත්තේ ඉකුත් 11 , 12 යන දෙදෙනා තුළ බවත් වැලිගෙපොල, බලංගොඩ, සහ ගම්පහ යන පොලිස් වසම් තුළින් මෙම පැමිණිලි වාර්තා වී ඇති බවද පොලිස් මුලස්ථානය පොලිසිය සඳහන් කරයි.
දෙපිරිස අතර බහින් බස්වීම්, පහර දීම්, සහ අපේක්ෂිකාවකට මරණ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසිය.

