මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් නිරීක්ෂකයින් 7000කට ආසන්න පිරිසක් නිරීක්ෂණ කටයුතු සඳහා යෙදවීමට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සැලසුම්කර ඇත.
එයින් 5000ක් පමණ මැතිවරණ දිනයේදී ඡන්ද මධ්‍යස්ථාන තුළ ස්ථානගත නිරීක්ෂකයින් ලෙස යෙදවීමට නියමිතය.
තැපැල් ඡන්දය පැවැත්වෙන දිනවලදී නිරීක්ෂකයන් 250 දෙනකු දිවයින පුරා නිරීක්ෂණ කටයුතු වල යොදවන බවද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසයි.

