පසුගිය මැතිවරණ හා සසඳන විට අද මැතිවරණය ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය කියයි.
රාජ්‍ය බලය භාවිතය අවම වූ,රාජ්‍ය දේපළ භාවිතය අවම වූ,නීතිවිරෝධී ප්‍රහාර අඩු,අල්ලස් ලබාදීම් අඩු,මැතිවරණ නීතිය ඉහළින් ක්‍රියාත්මකවූ මැතිවරණයක් ලෙස මෙම මැතිවරණය හඳුන්වාදිය හැකි බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහිත හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මැතිවරණ කොමසාරිස්වරයාගේ සෘජු ක්‍රියාපිළිවෙත හා පොලිසියේ මැදිහත්වීම මෙයට ප්‍රධාන වශයෙන්ම හේතුවූ බව ඔහු වැඩිදුරටත් කීය.
මැතිවරණ වැරදි සිදුකිරීම හේතුවෙන් අද දිනයේ දස දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇතැයිද , මැතිවරණ ප්‍රචාරක සමය සැළකූ විට නොයෙක් වැරදි නිසා 600 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
අද දිනයේ මැතිවරණ නීති කඩකිරීමේ සිදුවීම් 120 ක් පමණ වාර්තාවී තිබෙන බවත් ඒවායින් බහුතරය මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ප්‍රචාරණයේ යෙදුනු අවස්ථා සම්බන්ධයෙන් වන බවත් ඔහු පැවසීය.

