මැතිවරණ නීති කඩලා


මහ මැතිවරණය සම්බන්ධයෙන් විවිධ සිදුවීම් 558 ක් වාර්තාවී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි.

ඒ අතර පැමිණිලි 277 ක් හා මැතිවරණ නීති කඩකිරීමේ අවස්ථා 281 ක් ඇතැයිද එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියයි.

මේ අතර අම්පාර දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකියන් ගණනාවක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පොදු දේපළ අයථා ලෙස පරිහරණය කරන බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි කර ඇත.

මැතිවරණ සමයේදී තරග වදින අපේක්ෂකයන් රජයට අයත් නිල නිවාස තම ප්‍රචාරක කටයුතු හෝ ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම වරදක් බවත් ඒ පිළිබඳ සොයා බලා එම නිල නිවාස ආපසු රජයට පවරා ගැනීමට කටයුතු කරන ලෙසත් එම ආයතනය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි.