අමල් වික්‍රමරත්න
පළාත් පාලන මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.
පසුගිය 09 වැනි දා පෙරවරු 06.00 සිට (20) අද පෙරවරු 06.00 දක්වා එම පැමිණිලි සංඛ්‍යාව ලැබී ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳව තම සංවිධානයට පැමිණිලි 35 ලැබී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා නිකුත්කර ඇති නිවේදනයක සදහන් වේ.
එම නිවේදනයට අනුව අද දිනයේ මහියංගන හසලක ප්‍රදේශයේ අපේක්ෂක වරයකුගේ ආධාර කරුවන් පිරිසක් වෛද්‍යවරයෙකුට කරනලද පහර දීමක් පිළිබදව සහ මහනුවර යටිනුවර දී අපේක්ෂකයකුට ආධාර පිණිස කරන ලද ප්‍රචාරක කටයුත්තක් සිල්වෙස්ටර් විදුහලේ විභාගයට පෙනී සිටින සිසුන්ට බාධා වන අයුරින් කළ බවටද එම පැමිණිලි ඇතැයි නිවේදනයේ දැක්වේ.

