මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් මහජනතාවට අවවාදයක්


පළාත් පාලන මැතිවරණ ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන ආසන්නයේ නිකරුණේ ගැවසීමෙන් වළකින්නැයි මැතිවරණ නිරීක්ෂකයෝ මහජනතාවගෙන් ඉල්ලති. 

පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම අද (10) පස්වරු 4.00 න් අවසන් වූ අතර මේ වනවිට ඡන්දය ගණනය කිරීම් ආරම්භ කර තිබේ. 

ඡන්දය ගණන් කරන ස්ථාන අසල අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් රැඳි සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි ද ඒ අනුව අදාළ පියවර ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින්නේ යැයි ද කැෆේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ කැඳවුම්කරු රජිත් කීර්තී තෙන්නකෝන් මහතා කියයි. 

මේ අතර මැතිවරණ නීතිය අනුව හෙට (11) දිනයේ පෙළපාලි යෑම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 

055

ඡායාරූපය රොමේෂ් ධනුෂ්ක සිල්වා