මැතිවරණ ජය සාදය අතරතුර පාසල් සිසුවෙක් ගිලී මියයයි


(මාවනැල්ල සමන් විජය බංඩාර)

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපෙක්ෂකයෙකු ජයග්‍රහණයෙන් පසුව පැවැත්වූ මත්පැන් සාදයක් අතරවාරයේ පාසල් සිසුවෙකු ඔයෙහි ගිලි මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ පි.එච්. දමිත් සුරංග නම් වු වයස අවුරුදු 18 ක් වයසැති පාසල් සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පින්දෙනිය පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය කෑගල්ල රෝහලේදි සිදු කර ඇත.