මැතිවරණ කොමිසමේ හෙට විශේෂ සාකච්ඡාවක්


(නිමල කොඩිතුවක්කු)

කොරෝනා වයිරසය හේතුවෙන් රටතුළ මතුව ඇති ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව හෙට (16) දිනයේ  විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් එම සාකච්ඡාවට සහභාගීවීමට නියමිත  බවද  එම කොමිසමේ ප්‍රකාශකයකු පැවැසීය.

ඉදිරි මහ මැතිවරණය සඳහා කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය කෙසේ බලපාන්නේදැයි සහ එම වයිරසයෙන් ආරක්ෂා සහිතව මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන්  මෙහිදී  සාකච්ඡාවට ලක් කෙරෙන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.