(බිඟුන් මේනක ගමගේ )
මැතිවරණ කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සමන් ශ්‍රී රත්නායක මහතා පත්කර ඇත.
හිටපු අධ්‍යක්ෂ ජනරාල් එම්.එම් මොහොමඩ් මහතා සේවයෙන් විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ ධූරයට සමන් ශ්‍රී රත්නායක මහතා පත්කර ඇති අතර ඔහු ඊට පෙර අතිරේක මැතිවරණ කොමසාරිස් (පාලන හා පළාත් පාලන) වශයෙන් කටයුතු කළේය.
සමන් ශ්‍රී රත්නායක මහතා මැතිවරණ කොමිෂන් සභාව යටතේ පත් වූ සිව් වැනි අධ්‍යක්ෂ ජනරාල්වරයා වන අතර ඔහු අද(11) තම ධුරයේ වැඩ බාරගත්තේය.
සේවයෙන් විශ්‍රාම ගිය එම්.එම් මොහොමඞ් මහතා මැතිවරණ කොමිෂන් සභාවටත් ඊට පෙර පැවැති මැතිවරණ දෙපාර්තමේන්තුවටත් කළ සේවය අනුස්මරණීය යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලංකාදීපයට කීය.
සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම එක සමාන ලෙස කටයුතු කිරීමේ දුලභ හැකියාව නිසා මොහොමඞ් මහතා මැතිවරණ දෙපාර්තමේන්තුවේ තීරණාත්මක හා කාර්යබහුල අවස්ථාවලදී විශාල වශයෙන් මැදිහත්වීම් කළ අයකු යැයි ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
1992 දී මොණරාගල සහකාර මැතිවරණ කොමසාරිස් හැටියට පත් වූ එම්.එම් මොහොමඞ් මහතා ඉන්පසුව බදුල්ල හා ගම්පහ දිස්ත්‍රික්වල එම තනතුරේද 2007 සිට නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (ගම්පහ), 2010 සිට නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්(පාලන) හා 2014 සිට අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති හා විමර්ශන) යන තනතුරු හොබවා ඇති අතර 2018 වසරේදී මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්ව ඇත.

