මැතිවරණ කෙටුම්පතට එරෙහි පෙත්සමේ නියෝග ප්‍රකාශය පසුවට


(රන්ජන් කටුගම්පොළ, මනෝප‍්‍රිය ගුණසේකර)

පළාත් සභා මැතිවරණ සංශෝධන පණත් කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර ඒ වෙනුවට ඊට කිසිසේත් අදාළ නොවන කරුණු ඇතුළත් කොට සම්මත කර ඉදිරිපත් කිරීම මඟින් තමන්ගේත් රටේ ජනතාවගේත් මුලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ගොනු කොට ඇති පෙත්සම් සම්බන්ධයෙන් වු නියෝග පසුව ප‍්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) දැනුම් දුන්නේය.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් වු වැඩිදුර කරුණු සැලකිරීම් සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ඒ බව දැනුම් දුන්නේය.

අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, සිසිර ද අබෲ සහ නලීන් පෙරේරා යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සළකා බැලිණි.

පුජ්‍ය  ඕමාරේ කස්සප හිමි, සබරගමුව පළාත් සභා මන්තී‍්‍ර කාංචන ජයරත්න, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු අමාත්‍ය ජී.ඇල්. පීරීස් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කොට ඇති මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත් පලාන අමාත්‍ය  ෆයිසර්  මුස්තාපා මහතා සහ නීතීපතිවරයා නම් කොට ඇත.