(අංජුල මහික වීරරත්න)
මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු ආකාරය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ බලතල වැඩි කිරීමේ ගැසට් නිවේදනය හෙට (3) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කොමිසම පත් කරනු ලැබීය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ඇත.
මැතිවරණ ක්‍රමය සකස්විය යුතු ආකාරය ගැන මෙම කොමිසම හමුවට ගොස් ඕනෑම කෙනකුට අදහස් දැක්වීමේ හැකියාව පවතින බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.
සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍යවේදීන් ඇතුළු සියළු පාර්ශව වලට මෙම කොමිසම හමුවට ගොස් කරුණු දැක්විය හැකි බවද එම අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

