මැතිවරණ කල්දැමීමට එරෙහිව ජවිපෙ සටනට සැරසෙයි


වෙනස් දේශපාලන මතවාදයන් කොතෙක් තිබුණද ඒ සියල්ල පසෙක ලා මැතිවරණ කල්දැමීමට එරෙහිව සටන්කිරීමට ඔනෑම කෙනෙකු සමග වාඩිවීමටය සුදානම් බව  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමිනි. ඔහු කතාව කරන අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පාර්ලිමේන්තුවට පැමිණියේය.
 
ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුව මැතිවරණය ලබා නොදෙන්නේ නම් මහ පාරේදී මෙම ප්‍රශ්නය  විසඳා ගැනීමට කටයුතු කරන බවද,  ඒකබද්ධ විපක්ෂය ඇතුළු ඔනෑම පක්ෂකයක් සමග එක්ව මැතිවරණය දිනාගන්නා බව ද   අනුර කුමාර දිසානායක මහතා කීවේය. 
 
‘‘ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාගැනීම වෙනනුවෙන්  ජනාධිපතිවරයාට විශේෂ වගකීමක් තිබෙනවා. පළාත් පලන මැතිවරණයට අවශ්‍ය පනත් හදන්න විශේෂ පාර්ලිරමේන්තු සැසිවාරයක් පවා කැදව්වා. නමුත් මේ මැතිවරණය කල්දාන්න ෆයිස්ර් මුස්තාෆා ඇමතිවරයා සැලසුම්කළා. ඒ කාගේ උවමනාවක් මතද කියා කියන්න මම දන්නේ නැහැ.
 
මොකද මේ මැතිවරණය පැවැත්වුවොත් ශ්රී.ලංකා නිදහස් පක්ෂයේ සැබැ ජනවරම එළදරව් වෙයි කියන බය ජනාධිපතිවරයාට තිබෙනවා. ලක්ෂ 62 ක ජනවරමින් බලයට පත්වුණ ජනාධිපතිවරයා මේ කුඩා මැතිවරණ ප්රනතිඵලයකින් එම ජනවරම ගැන මැන බැලීම කරන්න බැහැ. එය බලන්න පුළුවන් තවත් ජනාධිපතිවරණයකදී පමණයි. ඒනිසා වැරදි මතයක නොසිට වහා මැතිවරණයකට යා යුතුයි.
 
මේ මැතිවරණය කිසිසේත්  නොපැවත්වීමට උවමනාවක් තිබුණා. එකයි මේ නඩුව ගෙනාවේ. නමුත් මේ නඩුවේ ප්රුධාන පාර්ශවයක් ලෙස නම්කර තිබෙන ඇමතිවරයා නඩුව අසන දවසේ රටෙත් නැහැ. මේ ඇමති ඉල්ලා අස්විය යුතුයි. ‘‘