‘යම් පුද්ගලයකුට ලැබෙන ලොකුම ගෞරවය හැටියට තමා උගත් පාසලේ උත්සවයක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීම බවත් ඊටත් වඩා වැදගත් වන්නේ තමා ජීවත්වූ ගම්මනායේ පන්සලක උත්සවයක වැදගත් කර්තව්‍යයක් කිරීමට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගීවීම‘ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අම්බලන්ගොඩ පෝරඹ තම ගම්මානයේ සුගතබිම්බාරාම විහාරයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයේ කොත නිරාවරණයට ඉරිදා එක්වෙමින් පැවසීය.
තමාට එම කර්තව්‍යයන් දෙකම සිදුකිරීමට ලැබීම ගැන නිහතමානීව ආඩම්බර වන බවද ඒ මහතා කීවේය.
දේශප්‍රිය මහතා ජීවත්වූ පෝරඹ ගම්මානයේ ගම්වාසීන් සමග සුහද පිළිසඳරකද නිරතවූ අතර විහාරාධිපති තැන්නෙකුඹුරේ සුමංගල හිමියෝ ප්‍රමුඛ දායක සභාව ඒ මහතා හරසරින් පිළිගත්හ.

