මැතිවරණ අපේක්ෂකයිනට සහතිකයක්


මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්‍ෂකයින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ  ද නැද්ද යන්න සොයා දෙන්නැයි දේශපාලන පක්‍ෂ ඉල්ලීමක් කළහොත්  සහතික ලබාදීමට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සූදානම් යැයි එහි සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය වැනි ව්‍යාපාරයනට සම්බන්ධ වූවන්ට නාමයෝජනා ලබා නොදිය යුතු බවට වන යෝජනාවලියකට සියලූ දේශපාලන පක්‍ෂ නායකයින් පසුගිය මාර්තු වේ අත්සන් කිරීම සුබවාදී බලාපොරොත්තුවක් බව ද සභාපතිවරයා කීවේය.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති මාධ්‍ය හමුවක දි මේ අදහස් පළ කළේය.