මැති ඇමැති වැටුප් වැඩි කිරීමට මුදල් ඇමැතිගේ විරෝධය


(රංජන් කස්තුරි)

මේ අවස්ථාවේ මැති ඇමැතිවරුන්ගේ තබා කාගේවත් වැටුප් වැඩි කිරීමට තමා විරෝධය දක්වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (2) පැවැසීය.

මැති ඇමැතිවරුන්ගේ වැටුප් හෝ දීමනා වැඩි කිරීමට මෙය අවස්ථාවක් නොවන බවද කොළඹ මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැති මංගල සමරවීර මහතා කීවේය.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා මෙසේද පැවැසීය.

  ‘‘මේක වැටුප් වැඩිකිරීමට අවස්ථාවක් නොවෙයි.කාගේවත් වැටුප් මේ අවස්ථාවේ වැඩි කරනවාට මම විරුද්ධයි. මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමක් ගැන මම දන්නේ නැහැ. මෙවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළෙත් නැහැ.‘‘