අජන්ත කුමාර අගලකඩ
ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වාහන ඇතුළු අනෙකුත් දීමනා වලින් අය කළ බද්ද එක් වාහනයකට පමණක් සීමා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමැතිවරුන්ට ලබාදෙන වාහන තුනක් වෙනුවෙන් එක් වාහනයකට රුපියල් 50,000 බැගින් රුපියල් 150,000ක්ද රියදුරු දීමනා ලෙස රුපියල් 75,000ක් ද ඉන්ධන දීමනාව ද ආදායම් ලෙස සලකා වැටුපට එකතු කර නව බදු සංශෝධනය යටතේ වීශාල මුදලක් වැටුපෙන් අඩුකර තිබේ.
මේ පිළිබඳව ඇමැතිවරුන් රැසක් විරෝධය පළකර තිබූ අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.