(සුජිත් හේවාජුලිගේ)
හිටපු ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලඥයන්ගේ නිවාස ඇතුලු දේපළවලට හානි කළ බව කියන අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු සහ භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පුද්ගලයෝ 80 දෙනෙක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම පිරිසෙන් බහුතරයක් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබූහ.
ප්‍රචණ්ඩකාරීන් විසින් විනාශ කරනු ලැබූ දේපළ අයත් දේශපාලඥයන් පිරිසටනගරාධිපතිවරුද ප්‍රාදේශීය සභා සභාපතිවරුනද , නාගරික මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුද ඇතුළත් වෙති.
මෙයට අමතරව ඔවුන්ගේ ළඟම ඥාතීන් පිරිසකගේ නිවාස ඇතුලු දේපළවලටද ප්‍රචණ්ඩකාරීන් විසින් හානි කරනු ලැබ ඇත. දේපළ හානිවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 74 කි.