මැණික් පතලක් කඩා වැටේ


රත්නපුර බටුගෙදර අගංම්මන මැණික් පතලක් කඩා වැටීමෙන් කම්කරුවන් දෙදෙනකු අඩි තිහක් යට දෝනාවක සිරවී සිටිතිය රත්නපුර පොලිසිය කියයි.

රත්නපුර නගර සභා ගිනි නිවන ඒකකය ද, වෙනත් යන්ත්‍රද යොදවා ඔවුන් බේරා ගැනීමට උත්සාහ ගන්නා නමුත් අද සවස හතරට කඩා වැටුණු පතලේ ඔවුන් ජීවත්ව සිටීදැයි කිය නොහැකි බව සහන සේවකයෝ කියති.