(ටී.කේ.ජී.කපිල )
චීනයේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගියකු අද (26) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
මෙම මැණික් තොගයේ වටිනාකම රුපියල් දෙකෝටි එකොලොස් ලක්ෂ තිස් එක් දහස් දෙසිය විසි හතක් (2,11,31,227 ) ක් වේ. මොහු 39 හැවිරිදි චීන ජාතිකයෙකි.
සැකකරු රැගෙන ආ අත් බෑගයේ නිල් මැණික් , ආරනූල් , පද්මරාග සහ වෛරෝඩි යන වර්ග වලට අයත් මැණික් කැට 12 ක් , විශේෂිත ඇසුරුම් සහිත කුඩා පෙට්ටි වල බහා තැන්පත් කර තිබූ අතර , එම මැණික් වල මුළු බර කැරට් 68.87 ක් බව රේගුව සඳහන් කරයි.


