මැණික් ගරන්නෝ තේ පඳුරුත් ගලවති


නෝර්වුඞ් වත්තේ එන්සි කොටසේ රාත‍්‍රි කාලයේ අනවසරයෙන් මැණික් ගරතියි වතු පාලක පරොස් මජිඞ් මහතා බගවන්තලාව වැවිලි සමාගමට පැමිණිලි කැර ඇත. දැනට තේ පඳුරු දහසක් ගලවා මැණික් ගරා ඇති බවත් ආරක්ෂක අංශයක පිරිසක් මීට හවුල් බවට තොරතුරු ඇති බවත් ජ්‍යෙෂ්ඨ උප වතු අධිකාරී එම්.එස්. විශ්වනාත් මහතා කියයි.