යාල වනෝද්‍යානයේ වෙහෙරගල ජලාෂයේ වාන් දොරටු හයක් විවෘත කිරීමත් සමග මැණික් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් සෙල්ල කතරගම ගඟ මැද පිහිටි ගණ දේවාලය ද, කඩ කදිහිපයක් ද යටවී ඇත.
පසුගිය දෙසැම්බර 12 වැනිදායින් පසු මැණික් ගඟ පිටාර ගැලූ තෙවැනි අවස්ථාව මෙයයි.
වෙහෙරගල වාන් දොරටු අඩි හතර බැගින් විවෘත කළ බව වාරිමාර්ග ඉන්ජිනේරු අමරජිත් ලියනගේ මහතා කියයි.
කතරගම, මයිලගම තිලකාරාමය අසල පාළම , දඹේපාර, රක්ෂ්මී දේවල රථගාල ද නිවා ස ද යට විය.
ප්‍රාදේශීය ලේකම් ටී බී එම් අතපත්තු මහතා සහන සලසයි.






