මැණික් කොල්ලයට අයි. පීත් රිමාන්ඩ්
රහස් පොලිස් වෙසින් මාවනැල්ලේ මැණික් ව්‍යාපාරික අබ්දුල් කාදර් මොහමඞ් නිසාර් මහතාගෙන් ආර්නුල් හා නිල්කැට 14ක් කොල්ලකෑවේ යැයි සැකපිට හෙම්මාතගම පොලිසියේ පරීක්‍ෂක නන්දන කුමාර, කොස්තාපල් හේවාපේඩිගේ චමින්ද කුමාර, කොස්තාපල් අමරානන්ද තී‍්‍රරෝද රියැදුරන් වන චමින්ද සංජීව, ජෝර්ජ් හෙවත් මධුෂාන් කුමාර, කොණ්ඩයා හෙවත් සුජිත් දිමුත් පි‍්‍රයදර්ශන, මාවනැල්ල මහේස්ත‍්‍රාත් ශ්‍රීනාත් විජේසේකර මහතා විසින් ලබන අටවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
ආර්නූල් අටක් හා නිල් කැට 5ක් පොලිස් කොස්තාපල් වරයකුගේ වත්තේ තිබී සොයාගත් බවත් පොලිසිය තවත් තිදෙනකු අත්අඩංගුවටව ගැනීමට නියමිත බවත් කෑගල්ල හා මාවනැල්ල පොලිසි අධිකරණයට දැන්වීය. මැණික් ගල් සමග ව්‍යාපාරිකයාද තවත් දෙදෙනකු පොලිිසියට රැුගෙන යන බව පවසා ඔවුන් මහ මග දමා ගිය බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

