මැණික් ඉල්ලන් කපන්න‍ කහවත්ත රෝහලටත් පනී


කහවත්ත රෝහලේ වෛද්‍ය  නිල නිවාසයක් අසලින් මහ දවාලේ  මැණික් ඉල්ලම් කපා ඇදීමේ සිද්ධියක් ගැන වැඩබලන වෛද්‍ය අධිකාරී එම් ජී දේවිකා මහත්මිය කහවත්ත පොලීසිටය පැමිණිළි කැර ඇත.

තෙවරක්ම ඉල්ලම් පස් රැගෙන ගොස් ඇතැයිද පැමිණිල්ලෙන් පසුව පස් යළි රෝහලට ගෙන ගොස් ඇතැයි ද ඒවා මැණික් ඉල්ලම් බවමැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසා ඇතැයි පොලීසිය කියයි.