මැකෝගේ සියවැනි තරගයේදී නවසීලන්තයට 37-17 ක ජයක්


සත්කාරක නවසීලන්ත පිල සහ ප‍්‍රංශය අතර පැවැති ලෝක කුසලාන රග්බි තරගය ලකුණු 37-  17ක් ලෙසින් ජය ගැනිමට නවසිලන්ත පිල සමත් වූයේය. මේ අනුව ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඒ කාණ්ඩයේ ඉදිරියට ම පැමිණීමට නවසිලන්ත පිල සමත් විය. ඊඞ්න් පාර්ක් පිටියේදි පැවැති මෙම තරගය නවසිලන්ත නායක රිචී මැකෝට නම් සුවිශේෂී තරගයක් බවට පත් විය. ඒ නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඔහු සහභාගී වූ සියවැනි අන්ර්ජාතික රග්බි තරගය මෙය වීම හේතුවෙනි. ඔහු මෙවැනි දස්කමක්  කළ ප‍්‍රථම නවසීලන්ත කී‍්‍රඩකයායි.