බදුල්ල දිස්ත්‍රික්කයේ පොලිසිය හා දේශපාලඥයන් ඡන්ද නීති රැකීමට සහයෝගය දෙන බව පෙනේ යැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා බදුල්ලේදී පැවසීය. ‘‘ඡන්ද නීති බලගැන්වීමට පොලිසිය උපරිම ලෙස උත්සාහ ගන්නවා.
දේශපාලඥයන් ඊට සහයෝගය දෙන බව පෙනුණා. ” බදුල්ලේ පොලිසියට, දේශපාලඥයින්ට හා මහජනයාට ඔහු ස්තූතිය පළ කළේය. මොනරාගල දිස්ත්‍රික්කයේ තත්ත්වය කෙසේදැයි විමසූ විට දේශප්‍රිය මහතා පැවසූයේ තවම ඒ පැත්තේ නොගිය බවයි.


