සිංහල බෞද්ධ පක්ෂය ලියාපදිංචි නොකිරීමෙන් තම මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි පහක් ලබා දෙන ලෙසද එම පක්ෂය ලියාපදිංචි කිරීමට නියෝග කරන ලෙසද ඉල්ලා එම පක්ෂයේ නායක විශ්‍රාමික ඉංග්‍රිසි ගුරු එස් එම් ජී එස් රත්නබණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කැර ඇත.

