මැක්කන් බෝවීම හේතුවෙන් හැටන් ශාන්ත ග්‍රේබියල් බාලිකා මහා විද්‍යාලය අද දින වසා දැමිණි. විදුහල්පතිනිය කියා සිටියේ පන්තිකාමර රැසක බෝවී ඇති මැක්කන් දෂ්ඨ කිරීම හේතුවෙන් පාසල් ශිෂ්‍යාවන් පීඩාවට පත්ව සිටි බවයි. මැක්කන් විශේෂය නොහඳුනන බවත් කෘමිනාශක දියර යොදා මැක්කන විනාශ කිරීමට කලාප අධ්‍යාපන අධයක්ෂවරයාගේ අනුමැතිය ඇතිව පාසල වසා දැමූ බවත් ඇය පැවසුවාය.

