මාළුවාට ලැබුණු සහනය ඉවරයි.


හලාවත ධීවරයෝ සිය වර්ජනය අද අත්හළහ. වැලන්ස් මෙන්දිස් හලාවත රදගුරුතුමන් හා වයඹ පළාත් ධීවර ඇමැති සනත් නිශාන්ත මහතා අතර පැවැති සාකච්ඡාවකින් පසුව බ‍්‍රහස්පතින්දා සිටි යළි මුහුදු යෑමට ධීවරයෝ එකඟ වූහ. තෙල් මිලට එරෙහිව පැවැති විරෝධයේදී ධීවරයෙක්ද පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්විය.