මාළු වෙළෙන්දාට පොලිසියෙන් ගහලා


රාත්‍රී ආහාර මිල දී ගැනීමට මිනුවන්ගොඩ නගරයට ආ මාළු ව්‍යාපාරිකයකුට මිනුවන්ගොඩ පොලිසියේ පිරිසක් විසින් පහර දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව ගම්පහ පොලිස් අධිකාරී කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙර දින රාත්‍රී පහර කෑ බව කියන පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගම්පහ රෝහලට මාරු කර එවනු ලැබ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරියකු කීවේ මාළු ව්‍යාපාරිකයා පොලිසියට මුලින් පහර දුන් බවයි. පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කරමින් මෙලෙස අමානුෂික ලෙස පුද්ගලයකුට පහර දිය හැකිදැයි ප්‍රදේශවාසීහු අසති.